Monday, June 8, 2015
මම අවසන් ගමන් යනවිට - Nishnai Erandika
මම අවසන්
ගමන යනවිට
හිරුයි සඳුයි
නුඹත් එන්න .....
මිහි කත් මව්
නුඹත් එන්න ......
හැමදාමත්
වෙනස් වුනත්
සයුරු රළත්
නුඹත් එන්න......
වැහි පිණි දිය
නුඹත් එන්න.......
විටෙක චණ්ඩ
ලෙස උන්නත්
සුළඟ අනේ
නුඹත් එන්න......
නුඹ මට දුන්
මගේ කවිය
ආයෙත් නුඹ
රැගෙන යන්න ..........
මතු සසරෙදි
හමු උනොතින්
මගෙ කවි හිත
මටම දෙන්න
----------------------------------------
Sisira Gamage අපේ ජන කවියක් ගත්තත්, පැල් කවියක් ගත්තත් , පාරු කවියක් ගත්තත්, සංදේශ කාව්‍යක් ගත්තත් ඒ හැම එකක්ම එක්තරා රටාවකට ලියවුනක්. බොහෝ විට එළිවැට එලිසම යෙදුනු සිවු පදයක්.
නමුත් නිසඳැස් වල එහෙම නිශ්චිත රටාවක් නැහැ. ඒ වුනත් නිසඳැස් ලියන බොහෝ අයට පොදු වුනු රටාවක් නැහැයි කියල නම් කියන්න බැහැ. ඒ පොදු රටාවෙනුත් පිට පැනල නිදහස් කාව්‍ය කරණයේ යෙදෙන කීප දෙනෙක්ම දැන් දැන් මුහුණු පොතේ මගේ මිතුරු හමුව තුල ඉන්නවා. එයින් මා මතකයට එක වරම නැගෙන්නේ බී. අනුරය. වචන දෙකකින් හෝ තුනකින් සමන්විත වැකි එකක් යට එකක් වශයෙන් පද සන්ගට්ටනයකින් ඒ නිර්මාණ කරනවා. ඒවා කොතෙක් දුරට සාර්ථකද අසාර්ථකද යන්න නම් වෙනම කතා කල යුතු මාතෘකාවක්.
මට මේ ටික සටහන් කරන්නට සිත්වුයේ Nishani Erandika කිවිඳියගේ ' මම අවසන් ගමන යනවිට .....නම්වූ නිර්මාණය කියවීමේදීය.ඇය මෙතෙක් ලිුයු රටාවෙන් පිට පැන කල නිර්මාණයක් වශයෙනි මට හැංගී ගියේ.
නිර්මාණ කරුවෝ ජීවත් වෙන්නේ සොබාදහමත් එක්ක එහෙම නැත්නම් පරිසරයත් එක්ක කියල කිව්වොත් එක වැරදි නැ හැ. එකනේ අපේ සංදේශ කාව්‍ය නිර්මාණ කරුවන් ඒ නිර්මාණ වලට නොයෙක් අවස්ථා හා නොයෙක් ස්ථානයන් වර්ණනා වශයෙන් යොදා ගෙන තියෙන්නේ. නිශා වැනුම්, සන්ද්‍යාවැනුම්, උදැසන වැනුම්, දියකෙළි වැනුම්, උද්‍යාන වැනුම් ආදී වශයෙන් පරිසරයට කොතරම් සැලකිල්ලක් දක්වල තියෙනවාද?
ඉතිං nishani erandika විශ්වාස කරනවා එයාට එයාගේ කවිකම දීල තියෙන්නේ පරිසරය කියල. සොභා දහම කියල. එකයි එය කවද හරි අවසන් ගමන යන කොට ඒ අයටත් අඩ ගසන්නේ.
සොභාදහමේ දායාදයන් වන සයුරු රලටත්, සුළඟටත් විශේෂණ යොදමින් ඒවාට ආමන්ත්‍රණය කරන නිශානි හිරු සඳුටත්, මිහි කතටත් ආමන්ත්‍රණය කිරීමේදී එසේ කිසිත් විශේෂණයක් නොයොදන්නේ ඇයිදැයි මට කුතුහලයක් ඇති කළා.
එහෙම වුනා නම් නිර්මාණය තවත් දික් වුනත් හැඩ වෙන බව මගේ විශ්වාසයයි.
සමස්ත නිර්මාණයේ මට නොගැලපෙන වචන දෙකක් පමණයි තිබුනේ. එකක්
මිහි කත් මව්' අන්තිම අසාර්ථක යෙදුමක්. නිර්මාණ කරුවාට බොහෝ අවස්තාවලදී වචන වල හැඩ තල වෙනස් කිරීමට නිදහස ඇතත් තමනිර්මාණයේ පැවැත්ම එහෙම නැත්නම් රිද්මය රඳවා ගැනීම සඳහාම එසේ කිරීම වැරදියි.(මථු සම්බන්දයි) ' ' මම ලිව්වානම් ලියන්නේ " මව්නි මිහි කත නුඹත් එන්න." මොකද රිද්මය බින්දෙනවාද?
නිශානි සමස්ත නිර්මානයේම සිංහල නොවන එකම පදයයි යොදා ඇත්තේ.ඒ "චණ්ඩ" යන පදයයි. එකත් සිංහලෙන්ම ලිව්වානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.
මේ විදියට වචනයක් , දෙකාක් නැත්නම් තුනක් එක වැකියකට ඇතුලත් කරමින් කල අති සාර්ථක නිර්මාණ නිසඳැස් කාව්‍ය පුරෝගාමීන් අතින් අනන්තවත් බිහි වෙලා තියෙනවා. ඒ අතුරෙන් ප්‍රවීනතම කිවිවර, සාහිත්‍යධර ආරියවංශ රණවීරයන් විසින් 1997 වසරේදී 'තිත්' නමින් කල කාව්‍ය සංග්‍රහයේ එක නිර්මාණයක් මෙහි පල කරමි.
කවිය හා විචාරක
පතයි
නමුත්
ඔබේ
පහස්
ඇතුල්
සිතින්
බියයි
එහෙත්
තැලෙයි කියා
ඔබේ අතින්. අදහස තේරුම් ගන්න අපහසු අයට පසුව පැහැදිලි කර දෙන්නම්.අමනාප නොවන්න. (නිමි)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment