-------------------------------------
එක දිගට නිර්මාණ කීපයක්ම විරහවටයි , පරිසර වර්නනාවටයි, වෙන් කෙරුව විජායිනි මේ පාර නම් අමුතු අනුභූතියක් එයාගේ නිර්මාණයට පාදක කර ගෙන තියෙනවා.
අද පුන් පෝය දිනක් නිසා ඒක වඩාත් මගේ අවධානයට යොමු වුන නිසයි ඒ ගැන සටහනකට මා යොමුවූයේ.
කව්රු හරි කිසියම් කාව්‍ය නිර්මාණයක් පෙන්වා එකෙන් කියවෙන්නේ කුමක්ද කියල ප්‍රශ්න කලොත් එක එල්ලේ උත්තර දෙන්න පුළුවන් මේක අහවල් වස්තු බීජය මුල් කරගෙනයි මේ නිර්මාණය නිමවී තියෙන්නේ කියල. බොහෝ විට එක කරුණක් පමණයි.
නමුත් විජායිනි එයාගේ මේ නිර්මාණය තුලින් මූලික කරුණු දෙක තුනක්ම රසික සිත් වලට කාවද්දන්න උත්සහ කරලා තියෙනවා. මම කියන්නේ නැහැ ඒ උත්සාහයන් අසාර්ථකයි කියලා.
අද පන්සල් බොහොමයක් නවීන තාෂණික මෙවලම් විසින් නිහඬ නිසල පරිසරය අකා මකා දා තියෙනවා. ශාන්ත බව නැති කර තියෙනවා. නිවී සැනසිල්ලේ. සිත එකලස් කරගෙන ගාතාවක් නොවර්දී, නොපැටලී කීමට පවා හැකියාවක් නැතිවී තියෙනවා. විජායිනි එක ඉතා සියුම් ලෙස කියා පානවා.
"විරුදු ගී..නෙක පාට බුබුළු වැල් නිවාගෙන....."
විජායිනි තම නිර්මානයේදී ඊ ලඟට ජන ජීවිතයේ කාර්ය බහුලත්වයද නොකියා කියනවා. ඒ කාර්ය බහුලත්වය නිසා සිතේ චංචල භාවයද රසික අපට විදාරණය කරනවා.
" මසක් තිස්සේ එහෙ මෙහෙ දුවපු නිවනක් නැති සිතට.....'ඔය කවිය මම ලිව්වානම් නිවනක් නැති සිතට කියන තැනට මම නම් දාන්නේ " කැළඹුණු සිතට" එහෙම නැත්නම්' අවිවේකි සිතට" එහෙමත් නැත්නම්" වෙහෙසුණු සිතට" වගේ වචනයක්. එතකොට වඩාත් ගැලපෙන්නේ මගේ යෙදුම්ද? එහෙම නැත්නම් විජායිනිගේ ' නිවනක් නැති සිතට " කියන යෙදුමද?
බලන්නකෝ විජායිනිගේ ප්‍රතිභාව. පෝය, පන්සල, බෝ මළුව ,බෝ පත, මල'සුන වගේ වචනත් එක්ක 'නිවන' කියන වචනය කොච්චර ලස්සනට යා වෙනවාද කියල.
මම මුලින් සඳහන් කලා වගේ ඔයා කරුණු වලට අමතරව සමස්ත නිර්මාණයෙන් විජායිනි අවධාරණය කරන මූලික කරුණ ගැන කිව්වොත්...
" අනිත්‍ය ' හැර වෙන මොකක්ද?
ඒකත් විජිනි කියන්නේ භාවනාවට යන අයෙකුට කමටහන් දෙනවා වගේ. ඒවගේ දේවල් අරමුණු කරගෙන් සැනෙකින් ධර්මාවබෝධ කරගත් අය ගැන අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන බවත් මගේ මතකයට නැගුනා.
" දැල්වී නිවී යන අර පහන්සිල දිහා බලාගෙන "
" දිරා ගිය බෝ පතක......'
" පිදු මල් මල'සුනේ පරවයනයුරු "... ඔන්න බලන්න
විජායිනි අපිට දෙන කමටහන්.
කොච්චර නම් ලස්සනද?
විරහවෙන් අපව හඬවනවාට වඩා, පරිසර වර්ණනාවෙන් අපව මන්මත් කරනවාට වඩා, ප්රෙමාදර්යෙන් අපව ප්‍රේමාන්විත කරනවාට වඩා කොච්චර නම් අර්තවත්ද?
ඉතින් මේ නිර්මානයත් විජායිනිගේ සාර්ථක නිර්මාණ ගොඩට එකතු කරන්න කැමතියි.( විජායිනිගේ අසාර්තක නිර්මාණ ගොඩකුත් තියෙන බව නම් මම දන්නේ නැහැ)
සම්ස්ස්ත නිර්මාණය ගැන මම එහෙම කිව්වත් පුංචි නොගැලපෙන තැනක් දෙකක් ගැනත් නොකියා හිටියොත් එක මගේ හිතට හරිමදී හින්දා ඒගැනත් කියන්නම්.
' ඉඩ දෙන්න මොහොතකට " මසක් තිස්සේ" කියන යෙදුමට වඩා ලස්සන යෙදුමක් දාන්න තිබුනා කියලයි මට හිතෙන්නේ.
"මසක් පුරාවට" , "දින තිහක්ම ", " තිස් දිනක්ම" , "පෝය හතරක්", ' සිවු පෝයක්ම"වගේ යෙදුමක් නිකමට දාල බලන්න ගැලපෙන්නේ නැත්ද කියල. එහෙම නොගල්පෙනවානම් ඔය යෙදුම හොඳයි.
ලස්සන වදන් මාලාවක් ගොතාගෙන ගොතාගෙන ඇවිල්ලා කලබලෙටද දන්නේ නැහැ ( මට හිතෙන විදියට)නොගැලපෙන වචනයක් අමුණලා තියෙනවා.
" සිතේ කැත කුණු සෙමින් පිස දමන..." කැත කුණු ' කියන යෙදුමට වඩා හොඳ නැත්ද "මද මාන", " කෙලෙස් මල" වගේ හෝ ඒ ආශ්‍රයෙන් යන යෙදුමක්.
එහෙම වුනානම් මේ නිර්මාණයේ අගය කියන්න බැහැ. ( නිමි)
No comments:
Post a Comment